ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උත්තරාලෝකයේ දිය බුන් ගසන පිට කුදු තල්මසුන්

උත්‍රධ්‍රැවයේ පිට වන දීප්තිමත් ආලෝකධාරා රශ්මියෙන් සතුටට පත් මේ පිට කුදු තල්මසුන් (humpback whales) කැමරාවට හසු කර ගත්තේ නෝර්වීජියානු කැමරා ශිල්පියෙක් විසින්.

ඒ නොර්වේ රාජ්‍යයේ ට්‍රුම්සු නගරය ආසන්නයේ පිහිටි තල්මසුන් වෙසෙන ක්වාලොයා (Kvaløya) දූපතේදී යි.

උත්‍රධ්‍රැවයේ දක්නට ලැබෙන ආලෝක ධාරා සංචාරකයන් ගේ ආකර්ෂණයට ලක් ව තිබේ.

මෙම උත්තරාලෝකය සාමාන්‍යයෙන් දැක ගත හැක්කේ නොර්වේ සහ අයිස් ලන්තය යන රටවලදී පමණි.

Image copyright Other

සුර්යයා වටා ඇති වායු ගෝලයෙන් පිට කෙරෙන ආරෝපිත අනු කොටස් සහ පෘථිවි වායු ගෝලයේ ගැස් සහිත අනු කොටස් එකට ගැටීම හේතුවෙනුයි මෙම ආලෝක ධාරා දර්ශනය වන්නේ.

එම ආලෝක ධාරා විවිධ වර්ණවලින් දිස්වන්නේ ගැටෙන ගෑස් වර්ගවල විවිධත්වය හේතුවෙන්.