FIFA: දැවැන්තයන් තිදෙනාගේම වැඩ තහනම්

Image copyright Getty
Image caption ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර්

ලෝක පාපන්දු සම්මේලනයේ ඉහලම තනතුරු තුන දැරූ දැවැන්තයන්ගේ වැඩ තහනම් කර ඇත.

දින අනූවකට බල පැවැත්වෙන පරිදි මෙම තාවකාලික වැඩ තහනමට ලක්ව ඇත්තේ ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර්, උප සභාපති මයිකල් ප්ලටිනි සහ මහලේකම් ජෙරොම් වාල්ක් යන තිදෙනායි.

Image copyright AFP
Image caption මහලේකම් ජෙරොම් වාල්ක්

මෙම තිදෙනාට එරෙහිව ගොනු කර ඇති වංචා සහ දූෂණ චෝදනා තවමත් විභාග වෙමින් පවතී.

තමන් කිසිදු වරදක් සිදු කර නැති බව පවසන මෙම තිදෙනා සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇත.

එමෙන්ම ලෝක පාපන්දු සම්මේලනයේ (FIFA) හිටපු උප සභාපතිවරයාට ද වසර හයක තහනමක් පනවා තිබේ.

Image caption උප සභාපති මයිකල් ප්ලටිනි

මෙම වැඩ තහනම පනවා ඇත්තේ ලෝක පාපන්දු සම්මේලනයේ අචාර ධර්ම පිලිබඳ කමිටුව විසිනි.

FIFA සභාපති සෙප් බ්ලැටර් සිය තනතුරින් ඉල්ලා අස්වන බවට පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබුණි.

ඉන් අනතුරුව ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට වත්මන් උප සභාපතිවරයා සහ හිටපු උප සභාපතිවරයා තරඟ වදිනු ඇති බවට විශ්වාසයක් පවතී.

Image copyright Getty
Image caption ලෝක පාපන්දු සම්මේලනයේ හිටපු උප සභාපති Chung Mong-joon

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර