නොබෙල් සාම ත්‍යාගය ටියුනීසියාවට

Image copyright AFP

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය ටියුනීසියාවේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පිරිසකට ප්‍රදානය කොට තිබේ.

අරාබි වසන්තය නමින් පළමු වරට වඩාත් සාර්ථක ව්‍යාපාරයක් දියත් කොට එරට ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කිරීම සඳහා කළ මෙහෙවර වෙනුවෙනුයි ටියුනීසියානු ජාතික සංවාදශීලී පෙරමුණු හතරකට සාම ත්‍යාගය හිමි වුණේ.

රට සිවිල් යුද්ධයකට යාමට ආසන්නයේ සිටියදී විකල්ප සාමකාමී දේශපාලන ක්‍රියාවලියක් ඇති කිරීමට එම පෙරමුණු හතර පියවර ගත් බවයි නෝර්වීජියානු නොබෙල් සාම කමිටුව ප්‍රකාශ කළේ.

ගැටුම්කාරීත්වය පවතින කලාපයක ඉස්ලාමීය සහ අන්‍යාගමික කණ්ඩායම්වලට එකාබද්ධව කටයුතු කරමින් ජයග්‍රහණ අත්කර ගත හැකි බව එම පෙරමුණු හතර පෙන්වා දී ඇති බවයි නොබෙල් සාම කමිටුව පැවසුවේ .

මතභේද විසඳා ගැනීමට ඇති එකම විසඳුම සංවාදය ඇති කිරීම බව සිවිල් සංවිධාන කමිටුවලට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමෙන් පැහැදිලි වන බවයි ටියුනීසියානු ජනාධිපති බේජි කයිඩ් එසෙබ්සි (Beji Caid Essebsi) ප්‍රකාශ කළේ.