පූජක ඝාතන තැතකට ඉස්ලාමීය සාමාජිකයෝ අත්අඩංගුවේ

Image copyright focus bangla
Image caption බංග්ලාදේශ අපරාධ පරීක්ෂණ කණ්ඩායමක්

කිතුනු පූජකයකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් තහනම් කරන ලද ඉස්ලාමීය කණ්ඩායමක සාමාජිකයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ පොලිසිය පවසයි.

ප්‍රහාරකයන් ලූක් සාකර් නමැති පූජකයාගේ ගෙල කපා දැමීමට උත්සාහ කොට ඇති අතර ඔහුගේ බිරිඳ එම ස්ථානයට පැමිණීම හේතුවෙන් ඝාතන තැත ව්‍යර්ථ වී තිබේ.

අත්අඩංගුවේ පසු වන පුද්ගලයන් පස් දෙනා තහනම් කරන ලද ජමාත් උල් මුජහිදීන් කණඩායමට අයත් බවයි පැවසෙන්නේ.

අනාගමික බ්ලොග් කරුවන් සහ විදේශිකයන් දෙදෙනකු මෑතකදී ඝාතනය කිරීමත් සමග බංග්ලාදේශය තුළ ඉහළ යමින් පවතින ඉස්ලාමීය ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් බිය පළ වේ.