පිලිපීනයට තවත් කුණාටුවක්

Image copyright Getty
Image caption වසර දෙකකට පෙර හමා ගිය යෛයන් කුණාටුවෙන් බේරීමට ජනතාව පලාගිය අයුරු දැක්වෙන ඡායාරූපයක්

පිලිපීනයේ 'ලුසොන්'(Luzon) දුපත හරහා මෙම සති අන්තයේ හමා යාමේ අනතුරක් සහිත අධිබල කුණාටුවක් දින තුනක් තිස්සේ පැවතිය හැකි බව පිලිපීන බලධාරීන් විසින් අනතුරු අඟවනු ලැබ තිබේ.

අනතුරුදායක වෙරළ තීරයන් හි පදිංචි ජනතාවගෙන් ආරක්ෂක භුමි ප්‍රදේශ වෙත යන ලෙස ඉල්ලා ඇති අතර රට තුළ පියාසර කෙරෙන ඇතැම් ගුවන් ගමන් නවතා දමා ඇති බවයි වාර්තාවන්නේ.

‘කොප්පු’(Koppu) යනුවෙන් නම්කර ඇති මෙම කුණාටුව හේතුවෙන් ගංවතුර, නාය යාම්, සහ අධික වර්ෂාව සමඟ දැඩි හානි සිදුවිය හැකි බවයි නිලධාරීන් පවසන්නේ.

වසර දෙකකට පෙර මධ්‍යම පිලිපීනය හරහා හමා ගිය ‘හෛයන්’(Haiyan) කුණාටුව හේතුවෙන් පුද්ගලයන් හත් දහසකට අධික ජන ජීවිත විනාශ විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර