කැනඩාවේ බල පෙරලියක්

Image caption ආසන 338 කින් ආසන 184ක බලය තහවුරු කරගනිමින් පාර්ලිමේන්තුව තුළ බහුතර බලය ලබා ගැනීමට ලිබරල් පක්ෂයට හැකි විය

දශකයකට ආසන්න කාලයක් ආණ්ඩු බලයේ සිටි කොන්සර්වේටිව් පක්ෂය පරාජය කොට කැනේඩියානු මහ මැතිවරණයෙන් ලිබරල් පක්ෂය ජයග්‍රහණය කළේය.

සැබෑ වෙනසක් උදෙසා කැනේඩියානුවන් ඡන්දය ප්‍රකාශ කොට ඇති බවයි ලිබරල් පක්ෂ නායක ජස්ටින් ට්රූඩෝ පවසන්නේ.

දේශගුණ විපර්යාසයන්ට විසඳුම් සෙවීම සහ සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව සිදු කරන සටන් අවසාන කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපාදන ඉහළ නැංවීමටත් ඔහු ප්‍රතිඥා දී තිබේ.

හතළිස් තුන් වියැති ජස්ටින් ට්රූඩෝ කැනඩාවේ හිටපු අගමැතිවරයකු වූ පියේ ට්රූඩෝ ගේ පුත්‍රයෙකි.

මහ මැතිවරණයෙන් පරාජයට පත් ස්ට්වීවන් හාපර් හිටපු අගමැතිවරයා කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වීමට නියමිතයි. ඔහු එකදිගටම තෙවරක් රටේ පාලනය හෙබවීය.

ආසන 338 කින් ආසන 184ක බලය තහවුරු කරගනිමින් පාර්ලිමේන්තුව තුළ බහුතර බලය ලබා ගැනීමට ලිබරල් පක්ෂයට හැකි විය.