ප්‍රංශ බස් අනතුරෙන් විශ්‍රාමිකයෝ මරුට

Image copyright Reuters

දශක තුනක් ඇතුලත ප්‍රංශයේ සිදු වූ බරපතලම මාර්ග අනතුරෙන් හතලිස් දෙදෙනකුවත් මරුමුවට පත්වී තිබේ.

විශ්‍රාමිකයන් පිරිසක් රැගෙන එක්දින චාරිකාවක යෙදෙමින් සිටි බස්රථයක් ට්‍රක් රථයක් ගැටීමෙනුයි අනතුර සිදු වී තිබෙන්නේ.

නිරිතදිග ප්‍රංශයේ ලිබෝ නගරය ආසන්නයේදී හටගත් අනතුරෙන් රථ දෙකම ගිනිගත් අතර, අනතුරෙන් මියගිය හතලිස් එක් දෙනකුම බස් රථයේ ගමන් කළ විශ්‍රාමිකයන්. මියගිය අනෙක් පුද්ගලයා ට්‍රක් රථයේ රියදුරායි.

Image copyright AFP

අනතුරෙන් තුවාල ලැබූ තවත් මගීන් පිරිසක් රෝහලේ ප්‍රතිකාර ලබති.

මේ ඛේදවාචකය පිළිබඳව රටම කම්පාවන බව සඳහන් කළ ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද්, අනතුර පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන මෙන් බලධාරීන්ට නියෝග කළේය.

1982 දී පනස් දෙදෙනකුට මරු කැඳවමින් හටගත් අනතුරෙන් පසුව ප්‍රංශයේ සිදු වූ බරපතලම රිය අනතුර මෙයයි.