මාලදිවයින පුරා හදිසි නීතිය පැනවෙයි

Image caption හදිසි නීතිය හේතුවෙන් නිදහස සහ මුලික අයිතිවාසිකම් අහිමි කෙරෙන තත්වයක් වුවද ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ.

ජාතික ආරක්ෂාවට සහ පොදුවේ මහජන ආරක්ෂාවට එල්ලවන තර්ජන සලකා මාලදිවයින් රජය විසින් මසක කාලයකට හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

විරුද්ධ පක්ෂ විසින් රජයට එරෙහිව සංවිධානය කරන ලද අති විශාල මහජන රැළියට දින දෙකක් තිබියදීය මෙසේ රජය විසින් මෙසේ හදිසි නීතිය පනවා ඇත්තේ.

මාලදිවයින් නීතිපතිවරයා පවසා තිබුණේ මෑතක දී පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි සොයාගෙන ඇති අතර අතිශය භයානක ආයුධ භාවිතයට සුදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබුණු බවයි.

පසුගිය සඳුදා ජනාධිපති මන්දිරය අසල සවි කොට තිබූ බෝම්බයක් සාර්ථක ලෙස නිෂ්ක්‍රීය කළ බව බලධාරීන් විසින් පවසා ඇති අතර මාලදිවයිනේ ව්‍යවස්ථාවට අනුව හදිසි නීතිය හේතුවෙන් නිදහස සහ මුලික අයිතිවාසිකම් අහිමි කෙරෙන තත්වයක් වුවද ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර