මාලේ පොලිසිය මාධ්‍ය ආයතනයකට කඩා වදී

Image copyright Getty

මාල දිවයින් පොලිසිය එරට පෞද්ගලික රූපවාහිනී ආයතනයකට කඩා වැදී එම ආයතනය සතු පරිගණක උපාංග රැසක් ගෙන ගොස් ඇත.

ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ ජීවිතයට තර්ජන එල්ල කෙරෙන බවට සැක සහිත 'යූ ටියුබ්' වීඩියෝ පටයක් හේතුවෙනුයි එම වැටලීම සිදු කර තිබෙන්නේ.

'සංගු' නම් පෞද්ගලික රූපවාහිනී ආයතනය පවසන්නේ පොලිසිය ඔවුන්ගේ විකාශන තාවකාලිකව අත්හිටුවා පරිගනක වල මතක ගබඩා කර ඇති උපාංග (Hard-drives) ගලවා ගෙන ගිය බවයි.

මුහුණු ආවරණයක් පැළඳගත් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට (IS) සම්බන්ධ පුද්ගලයකු මාලදිවයින් ජනාධිපතිවරයාට මරණ තර්ජන එල්ල කරනු දැක්වෙන වීඩියෝ පටයක් තබා ගත් බවට පොලිසිය සංගු රූපවාහිනී ආයතනයට චෝදනා කරයි.

Image caption හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව

ජනාධිපතිවරයාට ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට සැක මතු වීමත් සමග මාලදිවයිනේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබයි තිබෙන්නේ.

ජනාධිපති අබ්දුල්ලා යමීන් විදේශ සංචාරයකින් අනතුරුව සියරට ලඟා වී ගමන් ගත් බෝට්ටුවක් පසුගියදා පිපිරීමකට ලක් විය.