ඇමෙරිකානු පොලිසියට තවත් ළමා බිල්ලක්

Image copyright Reuters
Image caption මෙම වෙඩි තැබීම ඇමරිකානු පොලීසිය විසින් මාරාන්තික බලය භාවිතා කිරීම පිලිබඳ අවධානය යොමු කෙරෙන නවතම සිදුවීමයි.

ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ දී වයස අවුරුදු හයක පිරිමි ළමයකු වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇමරිකානු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවක් වාර්තා වෙයි.

ජෙරමි මාර්ඩිස් (Jeremy Mardis) නම් දරුවා ඔහුගේ පියා විසින් ධාවනය කරන ලද මෝටර් රථයක් තුළ සිටියදීයි පොලිස් වෙඩි පහරට ගොදුරු වී තිබෙන්නේ.

දරුවාගේ ගේ හිසට උණ්ඩ පහක් ඇතුල්වී ඇති බවත් ලුසියානා ප්‍රාන්තයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

ජෙරමි මාර්ඩිස් දරුවාගේ පියා ද පොලිස් වෙඩි පහරට ලක්ව අසාධ්‍ය තත්වයෙන් පසුවන බවයි එම වාර්තාවන්හි දැක්වෙන්නේ.

Image copyright Reuters
Image caption ඇමෙරිකානු පොලිසියට එරෙහි විරෝධතා ව්‍යාපාරයක්

ලුසියානා ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානී කර්නල් මයිකල් එඩ්මන්සන් වෙඩි තැබීම සිදු වූ ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එය 'ඔහු දුටු අවාසනාවන්තම සිදුවීම' වන බවයි.

මෙම වෙඩි තැබීම ඇමරිකානු පොලීසිය මාරාන්තික මට්ටමින් බලය පාවිච්චි කිරීම පිලිබඳ අවධානය යොමු කරවන අලුත්ම ප්‍රහාරයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර