'තනිකඩයන්ගේ දවසේ' අලිබබාගෙන් වාර්තාවක්

Image copyright Reuters
Image caption වසර හයකට පෙර අලිබබා සමාගම "තනිකඩයන් ගේ දිනය" නිමිති කොට ගෙන වෙළඳාම් ආරම්භ කළේ පාරිභෝගිකයන් අන්තර්ජාල මිල දී ගැනීම් වලට පොලඹවා ගැනීමට විශාල මිළ අඩු කිරීම් ලබා දෙමින්.

ලෝකයේ විශාලතම අන්තර්ජාල වෙළඳ නිමිත්ත වන චීනයේ "තනිකඩයන් ගේ දිනයට" අදාලව තමන් විසින්ම තබා තිබූ අන්තර්ජාල විකිණුම් වාර්තාව බිඳ දැමූ බව අන්තර්ජාල වෙළඳපොළේ පතාක යෝධයකු වන අලිබබා සමාගම පවසයි.

එම සමාගම කියා සිටියේ පසුගිය වසරේ දී පමණක් නියමිත කාලයෙන් අඩක් ගත වෙද්දී ඩොලර් බිලියන 9.3 ක ආදායමක් මෙම සුවිශේෂී සැමරුමට අදාළ විකිණුම් වලින් උපයා ඇති බවයි.

වසර හයකට පෙර අලිබබා සමාගම "තනිකඩයන් ගේ දිනය" නිමිති කොට ගෙන වෙළඳාම් ආරම්භ කළේ පාරිභෝගිකයන් අන්තර්ජාල මිල දී ගැනීම් වලට පොලඹවා ගැනීමට විශාල මිළ අඩු කිරීම් ලබා දෙමින්.

"තනිකඩයන් ගේ දිනය" සැමරීම මුලින් ජනප්‍රිය වී ඇත්තේ පෙම්වතකු හෝ පෙම්වතියක නොමැති අය සරදමට ලක් කෙරෙන උත්සව අවස්ථාවක් ලෙසට බවයි පැවසෙන්නේ.