නරේන්ද්‍ර මෝඩි බ්‍රිතාන්‍යය සංචාරයක

Image copyright AP

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි තෙදින සංචාරයක් සඳහා අද (බ්‍රහස්පතින්දා) බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුතු වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් දෙරටේ නායකයන් මෙම සංචාරයේ දී සාකච්ඡා කිරීමට නියමිතයි.

එළිසබෙත් මහරැජින සහ අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් හමුවීමටත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමී මන්ත්‍රී මණ්ඩලයේ සහ මහජන මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් අමතා කතා කිරීමටත් ඉන්දියානු අගමැතිවරයා සිය කාලය වෙන් කිරීමට බලාපොරොත්තු වෙයි.

Image copyright PTI. Reuters
Image caption ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි සහ බ්‍රිතාන්‍යය අගමැති ඩේවිඩ් කැමරන්

බ්‍රිතාන්‍යයේ ජීවත් වන දස දහස් ගණන් ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරන ලද රැළියකට හෙට දිනයේදී (සිකුරාදා) අගමැති නරේන්ද්‍ර මෝඩි සහභාගී වනු ඇත.

හින්දු ජාතිකවාදී දේශපාලනඥයෙකු වන අගමැති නරේන්ද්‍ර මෝඩිට ඉන්දියාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ පවත්වන උද්ඝෝෂණ වලට බොහෝ දුරට මුහුණ දීමට සිදු වන තත්වයක් පවතියි.

මේ අතර ඉන්දියානු රජය සමග මානව හිමිකම් ප්‍රශ්න සාකච්ඡා කරන ලෙස අගමැති කැමරන්ට හතළිහකට අධික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සාමාජිකයන් විසින් අත්සන් කරන ලද යෝජනාවක් භාර දී තිබේ.