මාලි හෝටලය: 'ප්‍රාණ ඇපකරුවන් මුදා ගත්තා'

Image copyright AFP

මාලි රජ්‍යයේ අගනුවර සංචාරක හෝටලයකට කඩා වැදුණු තුවක්කුකරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වී සිටි පිරිස බේරා ගත් බව මාලි බලධාරීහු පවසති.

මළ සිරුරු දහ අටක් පමණ හෝටලය තුළ තිබී සොයා ගත් බවයි වාර්තා සඳහන් කරන්නේ.

Image copyright EPA

ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා පැය හතක් පමණ ගත වී තිබේ.

තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් හෝටලයේ සිටි අමුත්තන් 140 දෙනෙකු සහ සේවකයන් 30 දෙනෙකු ප්‍රාණ ඇපයට ගනු ලැබ ඇති බවයි හෝටලයේ අයිතිකරුවන් කලින් නිවේදනය කර තිබුණේ.

අරාබි භාෂාවෙන් ‘දෙවියන් ශ්‍රේෂ්ඨයි’ යනුවෙන් කෑ ගසමින් තුවක්කුකරුවන් හෝටලයට කඩා වැදුණු බව ආරක්ෂක අංශ රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

මෙම ප්‍රහාරයට ලක් වුනේ මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර පිහිටි රැඩිසන් බ්ලූ හෝටලයයි.

Image copyright radisson blu hotel

එක්සත් ජනපදයට අයත් මෙය මාලි හි සේවය කරන විදේශිකයන් අතර ජනප්‍රිය හෝටලයකි.