'මැලේරියාවට එරෙහි මදුරුවෙක්'

Image copyright SPL

මැලේරියා ආසාදනයට ප්‍රතිරෝධයක් දැක්විය හැකි ජානමය වශයෙන් වැඩි දියුණු කළ මදුරුවෙකු බිහි කළ බව එක්සත් ජනපද විද්‍යාඥයෝ පවසති.

මෙම විද්‍යාගාර ශිල්ප ක්‍රමය ස්වභාවික පරිසරය තුළ සාර්ථක වුවහොත් මදුරුවන් හරහා මිනිසාට මැලේරියාව ගෙන ඒම නවතාලීමට නව මාවතක් පෑදෙනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙහිදී විද්‍යාඥයන් සිදු කරන්නේ මැලේරියා වෛරසයට එරෙහිව සටන් කළ හැකි නව ජානයක් මදුරුවාගේ DNA තුළට ඇතුළු කිරීම යි.

Image copyright Getty

මෙසේ කෘත්‍රිම ලෙස ජාන වෙනසකට භාජනය කළ මදුරුවන්ගෙන් බිහි වන පැටවුන්ට ද ඉහත කී මැලේරියා ප්‍රතිරෝධක ජානය උපතින්ම හිමි වන බවයි වාර්තා සඳහන් කරන්නේ.

එම ප්‍රතිරෝධක ජානය හිමි මදුරුවන් තුළ මැලේරියා වෛරසය පැවතීමට ඉඩක් නොලැබෙන බැවින් එය මිනිසා වෙත ගෙන ඒම වළකිනු ඇත.

Image copyright AFP

ලොව පුරා බිලියන 3.2ක් පමණ ජනතාව මැලේරියා අවදානමට ලක් වී සිටින අතර එම ප්‍රමාණය ලෝක ජනගහනයෙන් අඩකට ආසන්නයි.

මැලේරියාව වැළඳීමෙන් වසරකට මිනිසුන් 580,000ක් පමණ මිය යන බවයි සංඛ්‍යා ලේඛණ සඳහන් කරන්නේ.