චීනය දුප්පත්කම තුරන් කිරීමේ අරගලයේ

Image copyright AP

දුප්පත්කම සමාජයෙන් තුරන්කර දැමීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීම සඳහා රටේ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුන දින දෙකක සමුළුවක් අවසන් වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

චීන ආණ්ඩුවේ ඉලක්කය 2020 වසර අවසන් වන විට රටේ දුප්පත් කමට තිත තැබීමයි.

පසුගිය අවුරුදු විස්ස ඇතුළත ලද වේගවත් ආර්ථික සංවර්ධනය මගින් කෝටි ගණක් ජනයාගේ ජීවීන මට්ටම දරිද්‍රතා මිනුම් මට්ටමින් ඉහළ තත්වයක් කරා ගෙන ඒමට චීනය සමත් විය.

එම ජීවන මට්ටම තීන්දු කෙරුනේ දවසකට ඩොලරයකට අධික ආදායම් මට්ටම සලකා බලමිනි.

එහෙත් චීනයේ තවත් කෝටි හතකට අධික ජනකායක් තවමත් ජීවත් වන්නේ දරුද්‍රතා රේඛාවෙන් පහළ ආදායම් මට්ටමකයි.

Image copyright Getty

එවැනි ජන කොටස් වැඩි වශයෙන් ජීවත් වන්නේ චීනයේ දුප්පත් ග්‍රාමීය පළාත්වලයි.

කඩිනම් නාගරිකකරණය සහ ණය සැපයීමේ ව්‍යාපෘතීන් සඳහා ග්‍රාමීය ගොවි ජනතාව දිරි ගැන්වීම චීනයේ නව ආර්ථික සැලසුම්වලට ඇතුළත් වෙයි.

චීනයේ සමාජ ස්ථාවරභාවය සහතික කර ගැනීම සඳහා ආදායම් පරතරය අහෝසි කිරීම ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන බව පෙනී යන බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.