ඇමරිකාවේ පවුල් සංවිධාන කාර්යාලයක වෙඩි තැබීමක්

Image copyright Reuters
Image caption පොලීසිය සමග සිදුකළ පැය කිහිපයක වෙඩි හුවමාරුවකින් පසු තුවක්කුකරු යටත් වූ බවයි වාර්තාවන්නේ

ඇමරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් නගරයේ පවුල් සංවිධාන කාර්යාලයකට තුවක්කු කරුවකු එල්ල කළ ප්‍රහාරය කවර හේතුවක් මත සිදුකළේද යන්න පිලිබඳ හඳුනා ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටියි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත් වී තිබේ.

තුවක්කුකරු විසින් සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු මරා දැමුණු අතර පොලීසිය සමග සිදුකළ පැය කිහිපයක වෙඩි හුවමාරුවකින් පසු ඔහු යටත් වූ බවයි වාර්තාවන්නේ.

ඇමරිකානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට වයස අවුරුදු 59 ක වන රොබර්ට් ලුවිස් ඩියර් (Robert Lewis Dear) නම් තුවක්කුකරු නොර්ත් කැරොලිනා හි පදිංචිකරුවෙකි.

සැලසුම්ගත මව්පියභාවය නම් සංවිධානයකට අයත් අදාළ කාර්යාලය හා තුවක්කුකරු අතර යම් සබඳතාවක් තිබෙන්නේදැයි පැහැදිලි නැති බවයි පොලිස් ප්‍රකාශකයකු සඳහන් කළේ.

වන්ද්‍යාකරණයට එරෙහිවුවන් ගෙන් එම සැලසුම්ගත මව්පියභාවය නම් සංවිධානයට මින් පෙර ද විරෝධතා එල්ල වූ බවයි වැඩිදුරටත් වාර්තාවල සඳහන් වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර