ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පැරිසියේ 'සපත්තු විරෝධයක්'

කාලගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා නිසි පියවර ගන්නා ලෙස ලෝක නායකයන්ට බල කරමින් ලොව පුරා පෙළපාලි පැවැත්වෙමින් තිබේ.

මෙම විරෝධතා පෙළපාලි සංවිධානය කර ඇත්තේ කාලගුණ විපර්යාස පිළිබඳ ලෝක සමුළුවක් හෙට (30) පැරිසියේ දී ආරම්භ වීමට නියමිතව තිබියදී යි.

පැරිසියට පසුගිය දා එල්ල වූ ප්‍රහාරය නිසා පෙළපාලි තහනම් කර ඇතත් විරෝධතා සඳහා තම සහභාගිත්වය සංකේතවත් කිරීම සඳහා ඉහත කී සමුළුව පැවැත්වීමට නියමිත ශාලාව ඉදිරිපිට පාවහන් විසි දහසක් පමණ තබා තිබේ.

මෙම ‘පාවහන් විරෝධය’ සංවිධානය කළ ක්‍රියාධාරිනියක් කියා සිටියේ කාලගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා මීට වැඩි යමක් කරන ලෙස ප්‍රංශ රජයට බල කිරීම සඳහා ලක්ෂ හතරකට වැඩි පිරිසක් පැරිසියට ඒකරාශී වීමට සැලසුම් කර තිබු බවයි.

මෙවැනි විරෝධතා ලන්ඩන්, නිව්යෝක්, රියෝ ද ජෙනිරෝ සහ මෙක්සිකෝ යන ස්ථාන වලදී ද පැවැත්වීමට සංවිධානය කර තිබේ.