ඔස්ට්‍රේලියාවේ මුස්ලිම්වරුන්ට 'ජාතිවාදය'

ඕස්ට්‍රේලියාවේ වෙසෙන සෙසු ආගමිකයන්ට වඩා තුන් ගුණයකින් එහි වෙසෙන මුස්ලිම් ප්‍රජාව ජාතිවාදී නොසලකා හැරීම්වලට ගොදුරු වන බව සමීක්ෂණයකින් සොයා ගෙන තිබේ.

සමීක්ෂණය සඳහා සිඩ්නි නුවර වෙසෙන මුස්ලිම් ජාතිකයන් හයසිය දෙනෙකු යොදා ගෙන ඇති අතර ඉන් සියයට පනස් හතක් පවසා ඇත්තේ තමන් ජාතිවාදී නොසලකා හැරීම්වලට මුහුණ දී ඇති බවයි.

Image copyright BBC World Service

ජාතිවාදී නොසලකා හැරීම් හේතුවෙන් තරුණ මුස්ලිම් පිරිස් රැඩිකල්වාදය වෙත නැඹුරු විය හැකි බවට විද්වතුන් පිරිසක් අනතුරු හැඟ වූයේ සිඩ්නි නුවර පැවති ඉස්ලාමීය සමුළුවකදීයි.

කෙසේ වෙතත් සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් සියයට අසූ පහක් කියා සිටියේ මුස්ලිම් ජාතිකයන් සහ සෙසු ජාතීන් අතර සුහදත්වයක් පවතින බව තමන් තවදුරටත් විශ්වාස කරන බවයි.

ඕස්ට්‍රේලියාවේ සම්පූර්ණ ජනගහනයෙන් සියයට දෙකක් මුස්ලිම් ජාතිකයන්.