හොඳ හිත වෙනුවෙන් ඔත්තුකරුවන්ට නිදහස

Image copyright EPA
Image caption චීන සහ තායිවාන නායකයන් අතර මෙවැනි හමුවක් පැවැත්වුණේ වසර 60 කට පසුවයි

චීනය සහ තායිවානය සිර කර ගෙන සිටි ඔත්තුකරුවන්, දෙරට අතර හොඳ හිත වර්ධනය කර ගැනීමේ අරමුණින් හුවමාරු කර ගෙන තිබේ.

මෙම සිරකරුවන් හුවමාරු කර ගෙන ඇත්තේ චීන සහ තායිවාන නායකයන් අතර සාකච්ඡා ආරම්භ වීමට පෙරයි.

තායිවානයේ මාධ්‍ය පළ කර තිබුණේ දෙරට අතර මෙවැනි සිරකරුවන් හුවමාරුවක් සිදු වූයේ ඉතිහාසයේ පළමු වතාවට බවයි.

Image copyright AFP
Image caption තම රට ස්වාධීන රාජ්‍යයක් බව බොහෝ තායිවාන ජාතිකයන් සලකන අතර වර්ධනය වෙමින් පවතින චීන බලපෑම ඔවුන්ගේ දැඩි සැලකිල්ලට භාජනය වී තිබේ

වසර නවයක් තිස්සේ රඳවා ගෙන සිටි තායිවාන ඔත්තුකරුවන් දෙදෙනෙකු චීනය නිදහස් කර ඇති අතර 16 වසරක් රැඳවුම් භාරයේ සිටි චීන ඔත්තුකරුවෙකු තායිවානය විසින් නිදහස් කරනු ලබා ඇත.

මේ මස මුලදී දෙරටේ නායකයන් සිංගප්පුරුවේ දී හමු වූ අතර චීන සහ තායිවාන නායකයන් අතර එවැනි හමුවක් පැවැත්වුණේ වසර 60 කට පසුවයි.

Image copyright no credit

තායිවානය චීනයෙන් වෙන් වී ගිය තම ප්‍රාන්තයක් ලෙසත් යළි කවදා හෝ ඔවුන් චීනය සමඟ එක් වනු ඇති බවටත් චීනය සලකයි.

නමුත් තම රට ස්වාධීන රාජ්‍යයක් බව බොහෝ තායිවාන ජාතිකයන් සලකන අතර වර්ධනය වෙමින් පවතින චීන බලපෑම ඔවුන්ගේ දැඩි සැලකිල්ලට භාජනය වී තිබේ.