‘කිතුනුවන් සහ මුස්ලිම්වරුන් සහෝදර සහෝදරියෝ'

Image copyright

‘කිතුනුවන් සහ මුස්ලිම්වරුන් සහෝදර සහෝදරියන්’ බව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගනුවර මුස්ලිම් දේවස්ථානයක දී ෆ්රාන්සිස් පාප් වහන්සේ පැවසූහ.

උන් වහන්සේ මේ බව කියා සිටියේ, තෙවසරක් පුරා පවතින කිතුනු-මුස්ලිම් ගැටුම් නිසා ආරක්‍ෂිත කඳවුරක දිවි ගෙවන මුස්ලිම්වරුන් අමතමින්.

Image copyright AFP

කිතුනුවන්ගේ ප්‍රහාරවලින් බේරීමට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බාන්ගී අගනුවර විසූ මුස්ලිම්වරුන් තම නිවෙස් හැර පලා ගොස් ඇති අතර ඉතිරි වූ 15,000ක් පමණ දෙනා ආරක්‍ෂිත කඳවුරක දිවි ගෙවති.

PK5 නමින් හැඳින්වෙන මෙම ආරක්‍ෂිත කලාපය ක්‍රිස්තියානි සන්නද්ධ අතිරේක හමුදා විසින් මුර කරනු ලබයි.

Image copyright AFP

මෙහි තිබෙන මුස්ලිම් දේවස්ථානය වෙත යාම, පාප් වහන්සේගේ අප්‍රිකානු සංචාරයේ දුෂ්කරම කොටස වන්නට ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.

දැඩි ආරක්ෂක විධි විධාන යටතේ මෙම සංචාරය සිදු කෙරෙන අතර, අවි බිම තබන ලෙස, පාප් වහන්සේ සන්නද්ධ කල්ලිවලින් ඉල්ලීමක් කළහ.