බංග්ලාදේශ හින්දු උත්සවයක බෝම්බ පිපිරීමක්

Image caption බංග්ලාදේශයේ සුළු ජාතික ප්‍රජාව විසින් පවත්වනු ලැබූ රැළියක්

බංග්ලාදේශයේ උතුරු ප්‍රදේශයේ පැවති හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සවයක දී සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ට තුවාල සිදු වී තිබේ.

ඔවුන්ගෙන් ඇතැමෙක් ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

දිනාජ්පුර් දිස්ත්‍රික්කයේ හින්දු කෝවිලක මාසයක් පුරා පැවැත්වෙන ආගමික උත්සවයකට සමගාමීවයි මෙම පිපිරීම් සිදුවී ඇත්තේ.

මේ සම්බන්ධව පුද්ගලයන් පස් දෙනෙකුගෙන් රඳවා ගෙන ප්‍රශ්න කරනු ලැබ ඇති අතර තවමත් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන නැත.

මෑතක සිට මහ ජාතිය වන මුස්‌ලිම ප්‍රජාවට අයත් විරුද්ධවාදීන් වෙතින් මුළු ජනගහනයෙන් 10% පමණ වන බංග්ලාදේශ සුළු ජාතික හින්දු ප්‍රජාවට සහ ෂියා මුස්ලිම් පිරිස් මෙන්ම සර්වාගමික විදේශිකයන් වෙත ද මරණීය ප්‍රහාර ගණනාවක් එල්ල වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර