මැලේසියානු අගමැතිවරයා දූෂණ මැඩලීමේ කොමිසමට

Image copyright AFP
Image caption අගමැති නජීබ් රසාක්

මැලේසියාවේ නිලධාරීහු එරට අගමැති නජීබ් රසාක්ට එල්ල වී ඇති දූෂණ සහ වංචා චෝදනා සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළහ.

දූෂණ හා වංචා මැඩලීමේ මැලේසියානු කොමිසම(MACC) පවසන්නේ පැය දෙක හමාරක පමණ කාලයක් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ බවයි.

අගමැති නජීබ් රසාක්ට එරහි දූෂණ චෝදනා පළමු වරට අනාවරණය කෙරුණේ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’හි පසුගිය ජුලි මාසයේ පළ වූ වාර්තාවක් මගිනි.

Image copyright AFP
Image caption පදවියෙන් ඉවත්ව යන මෙන් මැලේසියානු අගමැතිවරයාට බල කෙරෙන විරෝධතා ව්‍යාපාරයක්.

රාජ්‍ය සංවර්ධන ආයෝජන අරමුදලකින් මැලේසියානු අගමැතිවරයාගේ බැංකු ගිණුමට ඇමෙරිකානු ඩොලර් කෝටි හැටකට අධික මුදලක් බැර කර තිබෙන බවයි ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ වාර්තා කර තිබුණේ.

එහෙත් අගමැති නජීබ් පවසන්නේ තමා කිසිදු වැරදි ක්‍රියාවක් කර නැති බවයි.

Image copyright AP
Image caption නජීබ් රසාක් විරෝධී මහජන ව්‍යාපාරයක්

අගමැතිවරයාට එරෙහි මූල්‍ය අපචාර චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව නිල මට්ටමින් කඩිනම් පියවර නොගන්නා බවට විවේචකයෝ චෝදනා කරති.