බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර නීති විරෝධීයි -අසාද්

Image copyright SANA

සිරියාවේ IS සටන්කරුවන්ට එරෙහිව බ්‍රිතාන්‍යය ගුවන් ප්‍රහාර එල්ල කිරීම නීති විරෝධී බව සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පවසයි.

බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී ජනාධිපති අසාද් ප්‍රකාශ කළේ ගුවන් ප්‍රහාරවලින් සිදුවන්නේ 'ත්‍රස්තවාදය නමැති පිළිකාව' තවත් ව්‍යාප්ත වීම පමණක් බවයි.

Image copyright

ඔහු මෙම ප්‍රකාශය කරන්නේ සිරියානු බලධාරීන්ගේ සහයෝගය ඇතිව සිදු කෙරුණු රුසියානු ගුවන් ප්‍රහාර සමඟ සංසන්දනය කරමින්.

සිරියානු ජනාධිපතිවරයා කියා සිටියේ රුසියාව ක්‍රියා කළේ යුරෝපය ආරක්ෂා කර ගැනීමට බවයි.

Image copyright AFP

ජනාධිපති අසාද් සිය තනතුරින් ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍යය පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ.

නමුත් රුසියාවේ මැදිහත්වීම, අසාද්ගේ බලය තර කිරීමට ලබා දෙන සහයෝගයක් ලෙසටයි බොහෝ දෙනා දකින්නේ.