ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රුසියානු සබ්මැරීනයකින් 'අයිඑස් වෙත ප්‍රහාර'

සිරියානු ඉලක්ක වෙත යුද සබ්මැරීනයක් ඔස්සේ ප්‍රහාර එල්ල කරන ආකාරය බව දැක්වෙන වීඩියෝවක් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කොට තිබේ.

සිරියානු සටන් සඳහා රුසියාව සබ්මැරීනයක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙයයි.

රකා නගරයේ පිහිටි අයිඑස් කැරලිකරුවන් කඳවුරු දෙකක් ඉලක්ක කොට සිය යුද සබ්මැරීනය ඔස්සේ දිග දුර විහිදුම් මිසයිල එල්ල කළ බවයි රුසියානු ආරක්ෂක අමාත්‍ය සෙර්ගෙයි ශෝයිගු කියා සිටියේ.

රුසියානු ප්‍රහාරක යානා සිරියාව තුළ ගුවන් මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි.

සිරියානු ජනපති බෂර් අල් අසාද්ගේ ඉල්ලීම මත එම ගුවන් මෙහෙයුම් ආරම්භ කළ බවයි රුසියාව කියා සිටියේ.