ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලොව ප්‍රථම නල සුනඛ උපත

ලොව ප්‍රථම නල සුනඛ උපත සිදු කළ බව විද්‍යාඥයන් පිරිසක් පවසති.

මෙලෙස කෘතිම නල උපත් සංසේචනය මගින් බලු පැටවුන් හත් දෙනකු උපත ලබා තිබේ.

මේ උපත වාර්තා වුනේ ඉකුත් ජුලි මාසයේදීයි.

අයිවීඑෆ් තාක්ෂණය යටතේ බීගල් ලැබ්රඩොර් සහ කොකර් ස්පැනියල් වර්ගයේ සුනඛයන්ගේ ශුක්‍රාණු සහ ඩිම්බ සංයෝගයෙන් මෙම උපත් සිදු විය.

මෙම සොයා ගැනීම මගින් වඳ වී යන සුනඛ විශේෂ රැක ගැනීමට හැකි වන බවයි ඇමරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ.

එසේම ප්‍රවේණි රෝගාබාධ නැති කිරීමට ඉන් හැකි වන බවත් පර්යේෂකයෝ කියා සිටියහ.

‘මෙම සංසේචන ක්‍රියාදාමය ඉතා ප්‍රබලයි. එමගින් වඳ වී යන සුනඛ විශේෂ රැකගන්න පුළුවන්. එයිවීඑෆ් තාක්ෂණය අපේ සුරතල් සතුන්ගේ සෞඛ්‍යයට ඉතා වැදගත්. මෙමගින් රෝග කාරක ජාන හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනවා.’ කෝනෙල් විශ්වවිද්‍යාලයේ ප්‍රජනන ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ට්‍රැවිස් කියා සිටියේය.

(දර්ශන අනුග්‍රහය කෝනෙල් විශ්වවිද්‍යාලය)