සෞදි කාන්තාවන්ටත් මැතිවරණයේ දොර හැරෙයි

Image copyright Getty
Image caption සෞදි කාන්තාවන්ට තනිවම රිය පදවාගෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් තම ඡන්දය ලබා දීමේ අවසර නැති බවයි පැවසෙන්නේ

ඉතිහාසයේ ප්‍රථම වතාවට සෞදි අරාබියේ කාන්තාවන්ට මැතිවරණය ක දී තම ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව ලැබී තිබේ.

මීට අමතරව රට පුරා පැවැත්වෙන නගර සභා ඡන්ද විමසීමේ දී අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත් වීමේ අවසරය ද ඔවුනට ලබා දී තිබේ.

ඒ අනුව හය දහසක් වූ පුරුෂ පාර්ශවයේ අපේක්ෂකයන් සමග එක් දහසක් පමණ වූ කාන්තාවන් පිරිසක් ද තරඟ වැදී සිටින බවයි වාර්තා වන්නේ.

එසේවුවද කාන්තාවන්ට පනවා ඇති මැතිවරණ නීති අනුව අපේක්ෂිකාවකට එක එල්ලේ පුරුෂ පක්ෂයේ ඡන්ද දායකයෙකු ඇමතීමේ අවස්ථාව ලබා දී නැත.

සෞදි කාන්තාවන්ට තනිවම රිය පදවාගෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට අවසර නැති බැවින් අන්තර් ජලය හරහා ක්‍රියාත්මක වන අබර් (Uber) නම් කුලී රථ සේවාවක් සුදානම් කර තිබේ.

කාන්තා සංවිධානයක (Al-Nahda Philanthropic Society for Women) මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කෙරෙන එම සේවාව මගින් චන්ද දායිකාවන් නොමිලයේ චන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කරන බවයි වාර්තාවන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර