රුසියාවෙන් තුර්කි යාත්‍රාවකට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක්

Image copyright mil.ru
Image caption සිද්ධිය වන අවස්ථාවේ රුසියානු ආරක්ෂක නෞකාව ග්‍රීක ලේම්නොස් දූපතට නුදුරු මුහුදේ නැංගුරම් ලා තිබිණ

සිදුවීමට ගිය අනතුරක් වළක්වා ගැනීමේ අරමුණින් ඉජියන් මුහුදේ ගමන් ගත් තුර්කි ධීවර යාත්‍රාවකට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වූ බව රුසියාව පවසයි.

තුර්කි ධීවර යාත්‍රාව තම යුද නෞකාවේ ගැටීම වළක්වාගැනීම සඳහා වෙඩි තැබීමට සිදු වූ බවයි රුසියාව කියා සිටියේ.

වෙඩි තැබීමට පෙර දෑතින් කළ සංඥාවලට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් රුසියානු විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

රුසියානු ප්‍රහාරක ගුවන් යානයක් තුර්කිය විසින් වෙඩි තබා බිම හෙළනු ලැබීමෙන් පසු දෙරට අතර මතභේදය උණුසුම් වී තිබේ.

මේ සිද්ධියෙන් පසු රුසියාවේ සිටින තුර්කි තානාපති නිලධාරියෙකුට කැඳවීමක් කළ බව රුසියාව පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර