සිරියාව: මිසයිල ප්‍රහාරයකින් 'සාමාන්‍ය වැසියන් මරුට'

Image copyright Russian Defence Ministry

සිරියාවේ දමස්කස් නුවරට නුදුරින් රජයේ හමුදා සහ කැරලිකරුවන් අතර සිදු වූ මිසයිල ප්‍රහාරයකට ගොදුරු වී සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු මරණයට පත් වී ඇති බව සිරියානු වාර්තා සඳහන් කරයි.

කැරලිකරුවන් ගේ පාලනයේ පවතින මෙම ප්‍රදේශයට ගුවන් ප්‍රහාර ද එල්ල වූ බවයි ක්‍රියාධරයන් පවසන්නේ.

මෙම ප්‍රහාරයන්ට ගොදුරු වී අඩු තරමින් විසි අට දෙනෙකුවත් මරණයට පත් වූ බවත් ඒ අතර ළමුන් ද සිටින බවත් ඔවුහු පවසති.

Image copyright AFP

මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ සිරියානු හමුදා විසින්ද නැතහොත් රුසියානු යානාවලින්ද යන්න තවමත් පැහැදිලි නැත.

නමුත් සිරියානු රජයේ මාධ්‍ය වාර්තා කළේ කැරලිකරුවන් මීට පෙර දමස්කස් නුවරට එල්ල කළ මෝටාර් ප්‍රහාරයකින් ගැහැණු ළමයෙකු සහ තවත් තිදෙනෙකු මරණයට පත් වූ බවයි.