සිරියාවේ අනාගතය;අලුත් මාර්ග සිතියමක්

Image copyright Reuters
Image caption රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැෆ්රෝෆ් සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී

සිරියානු ජනපති අසාද්ගේ අනාගත භූමිකාව සම්බන්ධයෙන් මතභේද පවතින නමුත් මාස හයක එක්සත් සිරියානු ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඇමරිකාව හා රුසියාව එකඟතාවයකට පැමිණ ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරන ලද සිරියානු සාම මාර්ග සිතියම ගැටුම් අවසාන කිරීම සඳහා ගනු ලබන වෑයමේ සංධිස්ථානයක් ලෙසයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හැඳින්වූයේ.

එම සැලැස්ම හතුළින් සිරියානුවන්ට ‘යුද්ධය සහ සාමය අතුරින් එකක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වන' බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සැලැස්ම තුළ සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ අනාගත භූමිකාව සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නොමැත.

Image copyright Reuters
Image caption සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මරුමුවට පත් පිරිස දෙලක්ෂ පනස්දහසකට අධිකයි.

ජනපති අසාද් සිය ධූරයෙන් ඉවත් විය යුතු බව බටහිර රාජ්‍යවල මතය වී තිබේ.

සාම සාකච්ඡා සඳහා පූර්ව කොන්දේසියක් වශයෙන් ජනපති අසාද් ධූරයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවයක් නැති බවයි රුසියාව සහ චීනය පවසන්නේ.

ජනපති අසාද් සිරියාව එක්සත් කිරීමට අපොහොසත් වී ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියි.

කෙසේ නමුත් අසාද් ජනපතිවරයාට වහා ධුරයෙන් ඉවත් වන ලෙස බල කිරීම යුද්ධය දිග්ගැස්සීමට හේතු විය හැකි බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සඳහන් කළේය.

Image copyright Reuters
Image caption සිරියාවේ ගැටුම්වලට මැදි වී දස ලක්ෂයක් තුවාල ලබා ඇති අතර එක් කෝටි දස ලක්ෂයකට උන්හිටි තැන් අහිමි වී තිබේ

ජනපති අසාද්ට සාම ක්‍රියාවලිය හා සම්බන්ධ බල හුවමාරුවේ කොටස්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමට ඇති ඉඩකඩ බටහිර රාජ්‍යයන් සහ අරාබි රටවල් පිළිගන්නා නමුත් සාම ක්‍රියාවලියේ අවසානය වන විට ඔහු පදවියෙන් ඉවත් විය යුතු බවයි එම රටවල් දැඩි ලෙස කියා සිටින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර