'රානා ප්ලාසා': විසි හතර දෙනකු අත්අඩංගුවට

Image copyright Reuters
Image caption 1100 කට අධික ජීවිත විනාශ කරමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් 'රානා ප්ලාසා' මන්දිරය කඩා වැටීම සම්බන්ධයෙන් මේ වන විට හතළිහකට අධික පිරිසකට එරෙහිව නඩු පවරා තිබේ

මෙයින් අවුරුදු දෙකකට පෙර බංග්ලාදේශයේ 'රානා ප්ලාසා' ඇඟලුම් කම්හල කඩා වැටීම සම්බන්ධයෙන් 24 දෙනකු අත්අඩංගුවට ගන්නා මෙන් එරට අධිකරණයක් නියෝග කොට තිබේ.

ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා අනුව චූදිතයන්ට මරණීය දණ්ඩනය නියම කිරීමේ හැකියාවක් පවතියි.

1100 කට අධික ජීවිත විනාශ කරමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් 'රානා ප්ලාසා' මන්දිරය කඩා වැටීම සම්බන්ධයෙන් මේ වන විට හතළිහකට අධික පිරිසකට එරෙහිව නඩු පවරා තිබේ.

ඇඟලුම් කම්හල් හිමියා වූ සොහෙල් රානා, මන්දිරය කඩා වැටුණ අවස්ථාවේ පළා යාමට උත්සාහ කලත් ඔහු අල්ලා ගනු ලැබිණ.

මේ වන විට ඔහු අත්අඩංගුවේ පසු වන අතර සෙසු සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබයි සිටින්නේ.

ගොඩනැගිල්ලේ බිත්ති වල ඉරි තැලීම් ඇති හෙයින් සේවකයන් ඊට ඇතුල් නොකරන මෙන් අනතුරු අඟවා තිබියදීත්, එය නොතකා කටයුතු කල බවටයි ඇතැමුන් ඇඟලුම් කම්හල් හිමියන්ට චෝදනා කරන්නේ.