බේජිං විදේශිකයන්ගේ ආරක්ෂාව අනතුරේ

Image copyright AFP

චීනයේ බේජිං නගරයේ වඩාත්ම කාර්ය බහුල දිස්ත්රික්කයක ජීවත් වන බටහිර ජාතිකයන්ට තර්ජන ඇති වීමේ හැකියාව පිළිබඳව චීන පොලීසිය විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ.

එම ෂන්ලිටුන් (Sanlitun) දිස්ත්‍රික්කයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල විසින් ද තම ජාතිකයන්ට එවැනි අනතුරු ඇඟවීම් නිකුත් කොට ඇත.

Image copyright Reuters

එම දිස්ත්‍රික්කයේ සාප්පු සංකීර්ණවල ආරක්ෂාව සඳහා සන්නද්ධ පොලිස් කණ්ඩායම් අනුයුක්ත කොට තිබේ.

මීට මාස හතරකට පෙරදී ‘ජපන්’ කඩුවක් ගත් තරුණයකු විසින් චීන කාන්තාවක මරා දමා ඇගේ ප්‍රංශ ජාතික සහකරුවාට ද තුවාල සිදු කොට තිබුණේ මේ දිස්ත්‍රික්කයේ යි.

Image copyright AP

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයකු පැවසුවේ එහි ආරක්ෂාව තහවුරු කිරීම පිණිස බලධාරීන් විසින් ඉහළම ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බවයි.