බංග්ලාදේශ් - ඉස්ලාමීය සටන්කාමීන් හත් දෙනකු අත්අඩංගුවට

Image copyright unk

ධකා අගනුවර නිවසක් වටලා සැකකටයුතු ඉස්ලාමීය සටන්කාමීන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ් පොලීසිය පවසයි.

මින් තිදෙනකු, තහනම් කොට ඇති ජමාතුල් මුජහිදීන් බංග්ලාදේශ් (Jamaatul Mujahidin Bangladesh) සන්නද්ධ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස සැලකේ.

මෑතකදී එරට විවිධ ජන කොටස් වලට එල්ල කරන ලද ප්‍රහාර මාලාවකට සම්බන්ධ බවට ජමාතුල් මුජහිදීන් බංග්ලාදේශ් කණ්ඩායමට චෝදනා එල්ලවී තිබේ.

විදේශිකයන්, ෂියා මුස්ලිම් බැතිමතුන්, ක්‍රිස්තියානි සහ හින්දු පූජකවරුන් මේ අතර වෙයි.

අත් බෝම්බ රාශියක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පැවසූ පොලීසිය, ඒවා ඉකුත් ඔක්තොම්බර් මාසයේදී එල්ල කරන ලද ප්‍රහාරකදී යොදා ගන්නා ලද අත් බෝම්බ වලට සමාන කමක් ඇති බව ප්‍රකාශ කළේය.