වඳුරා දෙවන ගියරයේ

Image caption සංරක්ෂිත ඡායා රූපයක්

ඔබ අසා ඇති තායිලන්තයේ පොල් කැඩීමට පුරුදු කොට ඇති වඳුරන් ගැන. ඒත් පුහුණුවක් නොලැබ බස් රථ පදවන වඳුරන් ගැන ඔබ අසා නැතිව ඇති.

මේ කථාව ගෙතෙන්නේ ඉන්දියාවේ බස් රථයක් පැදවූ අපූරු වඳුරෙක් ගැනයි.

වෙනදා මෙන් එන්ජිමේ යතුර එලෙසම තබා රියදුරු බස් රථයේ පිටුපසට ගොස් කෙටි නින්දකට වැටුණේ වෙහෙස නිවා ගැනීමට.

මේ අතරතුරේදීයි අප මේ කතා කරන අපූරු වඳුරා කිසිඳු චකිතයකින් තොරව බස් රථය පණ ගැන් වූයේ.

රියදුරු ඇස් අරින විටත් බස් රථය ධාවනය වෙමින් තිබුණේ සැලකිය යුතු වේගයකින්.

කුමන වේගයකින් බස් රථය ධාවනය වුණේ දැයි ඔබට සිතිය හැකිද?

රියදුරු අසුනට ගොඩ වූ මේ අපූරු වඳුරා එන්ජිම පණ ගැන්වීමට සමත් වූවා පමණක් නොව පහසුවෙන් ගියරය දෙවැනි යතුරටත් මාරු කිරීමට දස්කම් දැක්වූ බවයි 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත් පත වාර්තා කළේ.

බස් රථය දෙස බලා සිටි මගීන් පළ කළේ විස්මයක්.

ඒ මේ අත ධාවනය වූ බස් රථය මඟ දෙපස තිබුණු වාහන කීපයක ගැටෙන අතරතුරේදීයි සැබෑ රියදුරුගේ අතට සුක්කානම පත් වුණේ.