ගෑස් ඩිපෝවේ ගින්නෙන් නයිජීරියානු නත්තල කඳුලින් නිම වෙයි

Image copyright Nigerian Red Cross

‘අනම්බ්‍රා’ ප්‍රාන්තයේ ගෑස් පිරවුම් හලක සිදු වූ පිපිරීමකින් හට ගත් ගින්නකට හසු වීමෙන් පුද්ගලයන් රාශියක් මරණයට පත් ඇති බව නයිජීරියාවෙන් වාර්තා වෙයි.

ගින්න පුරා පැය පහක පමණ කාලයක් පාලනය කර ගත නොහැකි මට්ටමින් පැතිර යමින් තිබුණ අතර මිය ගොස් ඇති ගණන තවමත් නිශ්චිතව ප්‍රකාශ වී නොමැත.

Image caption පිපිරීම සිදු වූ ප්‍රදේශය

නයිජීරියානු ජනාධිපතිවරයා මරණයට පත් වූවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, විශාල සංඛ්‍යාවක් (tens of people) අනතුරින් මරණයට පත් වී ඇති බවයි.

වෙළඳ සැල තුළ සිටි සියලු දෙනාම පිලිස්සී මිය යන්නට ඇති බවයි නයිජීරියානු ජන මාධ්‍ය පවසන්නේ.

සිද්ධිය දුටු ප්‍රදේශවාසියෙක් බීබීසියට අදහස් දක්වමින්, සවස එකට පමණ ගෑස් ගබඩාව තුළ පිපිරීමක් සිදු වූ බවත් ඊට හේතුව දැන ගන්නට නොමැති බවත් කියා සිටියේය. නිලධාරීන් සහ ගිනි නිවන හමුදා භටයන් පවා විමතියට පත්ව සිටින බවයි.

Image copyright Reuters

නත්තල් උත්සවය වෙනුවෙන් ආහාර පිළියෙළ කිරීම සඳහා ගෑස් සිලින්ඩර පුරවා ගැනීමට පැමිණි පාරිභෝගිකයන් විශාල පිරිසක් එහි සිටින්නට ඇති බව විශ්වාස කෙරෙයි.

ගෑස් ප්‍රවාහනය කෙරෙන රථයක් එම පිපිරීම සිදු වූ ගබඩාව අසල නතර කොට තිබුණ බව ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

Image copyright Reuters

ගබඩාව තුළ පිළිස්සීමට ගොදුරු වූ පුද්ගලයන්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි මට්ටමින් දැවී ගොස් ඇති බවයි පැවසෙන්නේ.