චීන කාල තුවක්කු නැවක් ජපන් මුහුදේ

Image copyright AFP

චීනයට අයත් වෙරළාරක්ෂක නෞකාවක් සහ තවත් යාත්‍රා දෙකක් ජපානයට අයත් යයි එරට සලකන මුහුදු තීරයට ඇතුල් වීම සම්බන්ධයෙන් තෝකියෝ බලධාරීන් බේජිං පාලනයට එරෙහිව නිල මට්ටමින් විරෝධය පළ කරනු ලැබ ඇත.

නැගෙනහිර චීන මුහුදේ පිහිටි අයිතිය සම්බන්ධයෙන් මත ගැටුමක් පවතින දූපත් අසල මුහුදු තීරයටයි චීන යාත්‍රා ඇතුල් වී තිබෙන්නේ.

Image copyright AP

කාලතුවක්කු කීපයකින් සන්නද්ධ චීන නෞකාව ‘සෙන්කකු’ දූපත් අසල පැයක පමණ කාලයක් රැඳී සිටි බවයි ජපානයේ වෙරළ ආරක්ෂක අංශය පවසන්නේ.

‘සෙන්කකු’ දූපත් අසල මුහුදු තීරයට සන්නද්ධ චීන නෞකාවක් ඇතුල් වූ පළමු අවස්ථාව මෙය බවත් ජපානයේ නිලධාරීහු පවසති.

ජපානය ‘සෙන්කකු’(Senkaku) යනුවෙන් නම් කර ඇති මතභේදයට තුඩු දී ඇති එම දූපත් චීනය හඳුන්වන්නේ ‘ඩයෝයුස්’ (Diaoyus) යනුවෙනි.

Image copyright AP

ජනාවාස වලින් තොර එම දූපත් වල අයිතිය සම්බන්ධයෙන් දෙරට අතර පවතින මත ගැටුම මෑත අවුරුදු කීපය තුළ උණුසුම් අතට හැරෙමින් තිබුණි.