ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අයිඑස් පරාජය කරනවා - ඉරාක අගමැති

ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය රටෙන් අතුගා දමන බව ඉරාක අගමැති හයිඩර් අල් අබාඩි පවසයි.

ඉරාක අගමැතිවරයා එම අදහස් පළ කළේ ආණ්ඩුවේ හමුදා රාමාඩි නගරය යළි අත්පත් කර ගැනීමත් සමගයි.

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් අත පවතින මෝසුල් නගරයේ පාලනය යළි ලබා ගන්නා බවටත් ඉරාක අගමැතිවරයා ප්‍රතිඥා තී තිබේ.

රාමාඩි නගරයේ බලය යළි ඉරාක ආණ්ඩුව අතට පත් වීම සම්බන්ධයෙන් සිය සතුට පළ කොට ඇති ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එහිදී අයිඑස් කැරලිකරුවන් දරුණු පරාජයකට ලක් වී ඇති බවයි සඳහන් කොට ඇත්තේ.

ඉරාක ආණ්ඩුවේ හමුදා පරාජයට පත් කරමින් ජිහාඩ් සටන්කරුවන් විසින් රාමාඩි නගරය යටත්කර ගනු ලැබුවේ පසුගිය මැයි මාසයේදී.

බැග්ඩෑඩ් අගනුවර සිට සැතපුම් 55ක් දුරින් පිහිටි රාමාඩි නගරය යළි අල්ලා ගැනීම සඳහා ඉරාක හමුදා සති ගණනාවක සිට මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.

එම සටන්වලදී ඉරාක ආණ්ඩුවේ හමුදා වෙත ඒකාබද්ධ හමුදා ගුවනෙන් සහාය දැක්වීය.