ඩුබායි ගින්න අද උදේ වනවිටත්

Image copyright AFP

ඩුබායි හි පැවැත් වූ අලුත් අවුරුදු මල් වෙඩි සන්දර්ශනය ආරම්භවීමට සුළු මොහොතකට පෙර සුඛෝපභෝගී හෝටලයක් තුළ හට ගත් ගින්න අද සිකුරාදා උදෑසන වන විටත් ඇවිළෙමින් තිබේ.

තත්වය පාලනය කොට ඇති බවට ගිනි නිවන හමුදා භටයන් විශ්වාස කරන නමුත් සැලකිය යුතු ගිනි දැල්ලක් සිකුරාදා උදෑසන වන විටත් දැක ගන්නට හැකි වූ බවයි බීබීසී වාර්තාකරුවකු ප්‍රකාශ කළේ.

Image copyright Reuters

තට්ටු 63 කින් යුත් ‘ද ඇඩ්රස් ඩවුන් ටවුන්’ හෝටලයේ හට ගත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

ගින්න හේතුවෙන් අඩු වශයෙන් දාහතර දෙනකුවත් තුවාල ලබා සිටිති.