සෞදියේ ප්‍රධාන පෙළේ ෂියා පූජකවරයකු ඝාතනය කෙරේ

Image copyright AFP

සෞදි අරාබියේ ප්‍රධාන පෙළේ ෂියා පූජකවරයකු වූ නිම්ර් අල් නිමර් (Nimr al-Nimr) ඝාතනයට ලක් කෙරේ.

ත්‍රස්තවාදී චෝදනා යටතේ වරදකරුවන් බවට තීන්දු කොට මරණ දඬුවම පැමිණවූ හතලිස් හත් දෙනකු අතර ඔහුද සිටි බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ෂියා පූජක, නිම්ර් අල් නිමර් 2012 වසරේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ සෞදි රජ පවුල විවේචනය කිරීමේ වරදට.

එහෙත් ඔහුගේ අධාරකරුවන් පැවසුවේ ඔහු කිසිවිටක ප්‍රචණ්ඩත්වයට යොමුවී නොසිටි බවයි.

Image copyright AP

ඔහු අත්අඩංගුවට ගැනීම, රටේ ෂියා ආගමික ජන කණ්ඩායම් විරෝධතාවලට පවා යොමු කිරීමට තුඩු දී තිබිණ.

නිම්ර් අල් නිමර් පූජකවරයාගේ සොහොයුරා පැවසුවේ මෙම සිද්ධිය ඇසීමෙන් පවුලේ සියලු දෙනා කම්පාවට පත්වූ බවයි.

මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර සාමකාමී විය යුතු බව ඔවුහු කියා සිටිති.