ව්‍යාපාරිකයකු අතුරුදහන් - බ්‍රිතාන්‍යය සහ චීනය අතර මත භේද

Image copyright AFP

හොංකොං හිදී (Hong Kong) පොත් අලවිකරුවකු අතුරුදහන්වීමේ සිද්ධියක් මුල් කරගෙන බ්‍රිතාන්‍යය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හට ගනියි.

පෝල් ලී (Paul Lee) නමැති එම ව්‍යාපාරිකයා චීනයේ සිටි බවට විශ්වාස කළත් ඔහු පසුව දේශ සීමාව හරහා පැහැරගෙන ගොස් ඇති බවයි සමහරෙක් පැවසුවේ.

මේ වන විට චීනයට ගොස් සිටින බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ෆිලිප් හැමන්ඩ් (Philip Hammond) මාධ්‍ය හමුවකදී කියා සිටියේ පෝල් ලී, බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් හිමි අයෙකු නිසා චීන බළධාරීන්ගෙන් මේ ගැන විමසීමක් කළ බවයි .

චීන විදේශ ඇමති වැන්ග් යි (Wang Yi) පැවසුවේ අතුරුදහන් වී ඇති පොත් අලෙවිකරුවා අන් සියලු දේට වඩා චීන ජාතිකයකු බවයි.