මුම්බායි: ස්ථාන කිහිපයක 'සෙල්ෆි' තහනමක්

Image copyright AFP

දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත මුම්බායි නගරයේ ස්ථාන කීපයක 'සෙල්ෆි' ඡායාරූප ගැනීම තහනම් කිරීමට ඉන්දීය පොලිසිය පියවර ගෙන තිබේ.

මුම්බායි පොලිසිය ඒ බව නිවේදනය කළේ බන්ද්‍රා බල කොටුව ආසන්නයේදී මිතුරන් දෙදෙනකු සමග 'සෙල්ෆි' ඡායාරූපයක් ගැනීමට ගිය යොවුන් තරුණියක් මුහුදට ගසා ගෙන ගොස් මරණයට පත් වීමත් සමගයි.

ඇයගේ දිවි බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකුද එහිදී දියේ ගිලී තිබේ.

'සෙල්ෆි' ඡායාරූප ගැනීමට ගොස් අනතුරුවලට මුහුණ දුන් පුද්ගලයන් පිළිබඳ වාර්තා ලොව පුරා අසන්නට ලැබේ.

ගොන් පොර සැණකෙළියක් අතරතුර 'සෙල්ෆි' ඡායාරූපයක් ගැනීමට ගිය ස්පාඤ්ඤ ජාතිකයෙක් පසුගිය වසරේදී මරුමුවට පත් වූයේ ගොනකුගේ ප්‍රහාරයට ලක් වීම හේතුවෙන්.

තුවක්කුවක් අතැතිව 'සෙල්ෆි' ඡායාරූපයක් ගැනීමට ගිය රුසියානු කාන්තාවකගේ හිසට වෙඩි වැදී තිබුණේ ඇය අත වූ ගිනි අවිය අත් වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන්.

රෝහල් ගත කිරීමෙන් පසු ඇයගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරු සමත් වූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර