ගංජා මිශ්‍ර වේදනා නාශකයෙන් මොළයට හානි

ගංජා මිශ්‍ර කොට තනන ලද නව වේදනා නාශකයක් ප්‍රංශයේ අත්හදා බැලීමේ දී එක් පුද්ගලයෙකුගේ මොළය සම්පුර්ණයෙන් අකර්මණ්‍ය වී තිබේ.

මීට අමතරව තවත් පස් දෙනෙකු ගේ තත්වය බරපතළ වී රෝහල් ගත කර ඇති අතර මෙම ඖෂධය අනූ දෙනෙකුට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ගත කර ඇති පස් දෙනාගෙන් තිදෙනෙකුගේ මොළයට හානි පැමිණ වී ඇති බවත් එම හානි සුව කළ නොහැකි ඒවා බවත් රෝහල් බලධාරීහු පවසති.

Image copyright Reuters

නව ඖෂධය ලබා දුන් පසු එහි ක්‍රියාකාරිත්වය නතර කිරීමට හෝ ආපසු හැරවීමට සමත් වෙනත් ඖෂධයක් ගැන වෛද්‍යවරුන් නොදන්නා බවයි පැවසෙන්නේ.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බලා කළ හැකි සියල්ල කරන බවට ප්‍රංශ සෞඛ්‍ය ඇමතිනි මරිසොල් ටුරෙන් ප්‍රතිඥා දුන්නාය.

නව ඖෂධය අත්හදා බැලීමේදී සිදු වූ මෙම අනතුර පිළිබඳව ප්‍රංශයේ නීති බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Image copyright afp