තායිවානයට ජනාධිපතිවරියක්

Image copyright Getty
Image caption රට හමුවේ පවතින ප්‍රධාන අභියෝගවලට විසඳුම් සොයනු වස් අනෙකුත් දේශපාලන පක්ෂ හා සහයෝගයෙන් කටයුතු කරන බවටත් ඇය ප්‍රතිඥා දී තිබේ

ස්වාධීන තායිවානයක් වෙනුවෙන් පෙනී සිටින ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ අපේක්ෂිකා ට්සී යින්ග් වෙන්ග් (Tsai Yingwen) ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට තිබේ.

චීනය සමග සමීප සම්බන්ධතා පැවැත්වීමට කැමති පාලක කුමින්ග්ටන් පක්ෂය තමන් මැතිවරණයෙන් පරාජය වූ බව පිළිගෙන ඇත.

මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ගණන් කරන විට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂිකාව ඉදිරියෙන් සිටියේ ඡන්ද සියයට හැටකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින්.

තායිවානයේ පළමු ජනාධිපතිවරිය ලෙස පත් වීමට නියමිත ට්සි යින්ග්, චීන භාෂාව කතා කරන රටක රාජ්‍ය නායිකාව වන පළමු කාන්තාවයි.

පනස් නව හැවිරිදි ට්සී යින්ග් පවසන්නේ තායිවානය නව යුගයක් කරා මෙහෙය වන බවයි.

රට හමුවේ පවතින ප්‍රධාන අභියෝගවලට විසඳුම් සොයනු වස් අනෙකුත් දේශපාලන පක්ෂ හා සහයෝගයෙන් කටයුතු කරන බවටත් ඇය ප්‍රතිඥා දී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර