ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මරණය දැක දැකත් යහතින්

වේගයෙන් ධාවනය වෙමින් තිබුණ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ඉන්ධන පිරවුම් හලක පිහිටි වෙළඳසැලක ගැටීමෙන් එහි සිටි කාන්තාවක් දිවි බේරා ගන්නා ආකාරය ආරක්ෂක කැමරාවල (CCTV) සටහන් වී ඇත.

එම අනතුර වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරිනි.

අනතුරට මුහුණ දුන් කැතරින් ක්‍රව්ෆර්ඩ් නමැති කාන්තාව බිම වැටී ඇති නමුත් තුවාල නොලබා දිවි බේරා ගෙන ඇත.

මෝටර් රථය තුළ සිටි තිදෙනකු රෝහල් ගත කොට සිටින අතර රියදුරු අසුනේ සිටි බවට විශ්වාස කෙරෙන පුද්ගලයා එම අවස්ථාවේ පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.