නමවෙනි ග්‍රහයාත් සොයා ගැනෙයි

Image copyright Calitech
Image caption නමවෙනි ග්‍රහයා කලා කරුවකු ගේ ඇසින් (මෙවැන්නක් අනාගතයේ දී ලොවපුරා ඇති යම් දුරේක්ෂයකින් දකින්නට ලැබෙනු ඇති බවයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ)

පෘථිවිය මෙන් දස ගුණයකින් විශාල නව ග්‍රහලෝකයක් අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළ තිබෙන බවට ප්‍රබල සාක්ෂි ඔවුන් සොයා ගෙන ඇති බව ඇමරිකානු තාරකා විද්‍යාඥයෝ පවසති.

“නම වෙනි ග්‍රහයා” නමින් දැනටමත් හඳුන්වා ඇති මේ අභ්‍යවකාශ වස්තුව නෙප්චූන් ග්‍රහයා ගේ සිට සැතපුම් කෝටි ගණනක් ඈතින් පරිභ්‍රමණය වෙමින් තිබෙන බවයි කැලිෆෝනියා තාක්ෂණික ආයතනය පවසන්නේ.

“එක මොහොතක් තිබුණා හරියටම මේ පුටුවේ වාඩිවෙලා ඉන්න කොට අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් අපේ අවධානයට යොමු වුණු. ඒක මගේ ඇස් අදහාගන්න බැරිවුණු මොහොතක්. එත් මම ‘හුරේ’ කියල උඩ පැන්නේ නැහැ. හැබැයි ඒක ඇත්තටම දැක්කහම මම ගල් ගැහුණා” යනුවෙනුයි කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ තාරකා විද්‍යාඥයෙක් වන මයික් බ්‍රවුන් (Mike Brown) තම කණ්ඩායම විසින් මේ නව සොයා ගැනීම සිදු කල මොහොත විස්තර කළේ.

ලොව පුරා ඇති බොහෝ දුරේක්ෂ අතරින් එකකට මෙය දැක ගැනීමේ අවස්ථාව උදා විය හැකි බව පැවසූ ඔහු ලෝකය පුරා සිටින්නන් මෙය සෙවීමට උත්සුක වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

මේ පිලිබඳ වැඩිදුර පර්යේෂණ පැවැත්වෙමින් තිබෙන බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර