තුර්කිය අසල මුහුදේ බෝට්ටු අනතුරු දෙකක්

Image copyright AP

තුර්කි මුහුදු සීමාව ඇතුලත සිදු වූ අනතුරු දෙකකින් මරණයට පත් සංක්‍රමණිකයන් හතලිහක වත් සිරුරු සොයා ගත් බව වෙරලාරක්ෂකයෝ පවසති.

ළමා මළ සිරුරු විස්සක් ද හමු වී තිබේ.

පළමු බෝට්ටුව අන්ධකාරය මැද ග්‍රීසියට අයත් Farmakonisi දූපත කරා එද්දී ගල්පරයක ගැටී ඇති බවයි පැවසෙන්නේ.

අනිත් බෝට්ටුව දරා ගත නොහැකි සීතල මැද Kalolimnos කරා යාත්‍රා කරමින් තිබියදී පෙරලී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර දහස් ගණනින් සංක්‍රමණිකයන් යුරෝපා හවුලේ රටවලට ඇතුල් වෙමි සිටිය දී ජර්මනිය සහ තුර්කිය බර්ලින් නගරයේ හදිසි ඒකාබද්ධ කැබිනට් සාකච්ඡාවක් ආරම්භ කළහ. එවැනි සාකච්ඡාවක් ඉතාම දුර්ලභ සිද්ධියක්.

මේ අතර ප්‍රකාශයක් කරන ප්‍රංශ අගමැතිවරයා පවසන්නේ සංක්‍රමණික ආගමනය පාලනය කළ යුතු අදියරකට යුරෝපය පැමිණ සිටින බවයි.