ඩෙන්මාර්ක් පාර්ලිමේන්තුවට සරණාගත පනතක්

Image copyright EPA

දේශපාලන රැකවරණ පැතීම අධෛර්යමත් කිරීමේ අරමුණින් ගෙනෙන ලද පනත් කෙටුම්පතක් විවාදයට ගැනීම සඳහා ඩෙන්මාර්ක පාර්ලිමේන්තුව රැස් විය.

දේශපාලන රැකවරණ පතන්නන් සතු මුදල්, ආභරණ හා වෙනත් වටිනා දෑ දේශ සීමා ආරක්ෂකයන්ගේ භාරයට ගැනීමට පනතින් හැකියාව ලැබෙයි.

Image copyright EPA

එමෙන්ම රැකවරණ පතන්නන්ගේ පවුලේ සාමාජිකයන් වසර තුනක් යන තෙක් ඩෙන්මාර්කය වෙත රැගෙන ඒම පනත හරහා වළකා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ප්‍රකාශකයකු වන අද්රියන් එඩ්වඩ්ස් කියා සිටියේ පනත හරහා හානි සිදු විය හැකි බවයි.

පනතට අනුව දේශපාලන රැකවරණය පතන්නන්ට හට ඔවුන් සතුව තබා ගත හැකි මුදල්, අභරණ සහ බඩු භාණ්ඩවල වටිනාකම සම්බන්ධයෙන් සීමා පනවා තිබේ.

ඒ අනුව ඔවුන් සතු වත්කම්වල වටිනාකම ඩොලර් එක්දහස් පන්සීය ඉක්ම විය නොහැකියි.

Image copyright Getty

නමුත් කසාද මුදු වැනි ජීවිතයට විශේෂ වටිනාකමක් සහිත අබරණ ඉහත කී සීමාවට අයත් වන්නේ නැත.

පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වනු ඇති බවටයි බලාපොරොත්තු පළ වන්නේ.

Image copyright EPA