ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ටොන් විස්සක් බරැති තල්මසෙක් වෙරළට

බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයේ වෙරළට අඩි හතළිහක් දිගට වැඩුණු තල්මසෙකු ගොඩගසා තිබේ.

වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින ‘බ්‍රයිඩ්’ තල්මස් වර්ගයට අයත් මෙම මත්ස්‍යයා දැක බලා ගැනීම පිණිස විශාල පිරිසක් මුම්බායි වෙරළට රැස්ව සිටියහ.

වනජීවි සංරක්ෂණ නිලධාරි මකරන්ද් ගොදක් බීබීසියට කියා සිටියේ මෙම තල්මසා ටොන් විස්සක් පමණ බරකින් යුතු විය හැකි බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

‘බ්‍රයිඩ්’ තල්මස් වර්ගයට අයත් මෙම මත්ස්‍යයින් බොහෝ විට ජීවත් වන්නේ අරාබි මුහුදේ වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.