සමූහ දූෂනයට දඬුවම මරණය

Image copyright AFP

ඉන්දියාවේ ආන්දෝලනයකට ලක් වූ සමූහ දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ පුද්ගලයන් හය දෙනකුට අද ඉන්දීය අධිකරණය දඬුවම් නියම කරන ලදී.

ඒ අනුව අධිකරණ විසින් එම අපරාධ කරුවන් හය දෙනාගෙන් තිදෙනෙකුට මරණ දඬුවමද අනෙක් තිදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්ද පැමිණවීය.

මීට වසර දෙක හමාරකට පෙර බටහිර බෙංගාලයේ පාසල් දැරියක් උපකාරක පන්තියක සිට සිය නිවෙස බලා යන අතර තුර පැහැර ගැනීමට ලක් විය.

පසුව ඇයගේ සහෝදරයා විසින් පාසල් දැරියගේ මල සිරුර ප්‍රදේශයේ ඇලක දමා තිබියදී සොයා ගනු ලැබුණි.

මෙම සිදුවීම ඉන්දියාව පුරා කාන්තාවන්ට එරෙහි හිංසනය වැලක් වීමට දැඩි පියවර ගැනීමට බල කෙරෙන ජනතා උද්ඝෝෂණ මාලාවකට මූලික විය.