ආගම වෙනස් කරවීමට 'දඬුවම' හිස බූ ගෑම

Image copyright Getty
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

හින්දු භක්තිකයන් තිදෙනකු කිතුනු ආගමට හැරවූ බවට චෝදනා කරමින් පුද්ගලයකුගේ හිස මුඩු කොට ඔහු මහ මඟ ඇවිද්දවීමට දක්ෂිණාංශික හින්දු දැඩි මතධාරීන් කණ්ඩායමක් ක්‍රියා කර ඇති බව උතුරු ඉන්දීය වාර්තා පවසයි.

හිස අඩක් මුඩු කරන ලද ඉහත කී පුද්ගලයාගේ අත් බැඳ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ 'ඔරායි' ප්‍රදේශයේ වීදියක ගමන් කිරීමට සලස්වා ඇති ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැර ඇත.

දඬුවමට ලක් කෙරුණ පුද්ගලයා ඉහත කී කිතුනු ආගමට හැරුණු බව පැවසෙන තිදෙනාට ගව මස් ආහාරයට ගන්නා ලෙස බල කර ඇති බවටත් දක්ෂිණාංශික හින්දු දැඩි මතධාරීහු චෝදනා කරති.

හින්දු භක්තිකයෝ ගවයා දේවත්වයේ ලා සලකති.

දක්ෂිණාංශික හින්දු කණ්ඩායම්වල ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන් ගණනාවක් පිළිබඳ ඉන්දියාවෙන් මෑත කාලයේ වාර්තා විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර