ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගැහැණු දරු ප්‍රසූතියට අය නොකරන ජීවකයෙක්

ඉන්දියාවේ උපදින බිලිඳියන් බේරා ගැනීමට කැප වී කටයුතු කරන අපූරු වෛද්‍යවරයෙක් ගැන බටහිර ඉන්දියාවේ පූනේ නගරයෙන් වාර්තා වේ.

ඔහු නමින් වෛද්‍ය ගනේෂ් රාක්.

ඔහුගේ රෝහලේ මෙලොව එලිය දකින බිලිඳියන් වෙනුවෙන් කිසිම ගාස්තුවක් අය නොකෙරේ.

ගැහැණු දරුවෙකුට වැඩිය පිරිමි දරුවකු ලැබීම ගැන සතුටු වන, ලිංගිකත්වය පදනම් කර ගෙන වෙනස් ලෙස සලකන ඉන්දියානු සමාජයට තමන්ගෙන් සිදු කෙරෙන සුළු සේවයක් වශයෙනුයි වෛද්‍ය ගනේෂ් මේ ක්‍රියාව හඳුන්වන්නේ.

ඉන්දියාවේ සිදු කරන ලද සමීක්ෂණයකට අනුව 1961 වසරේ පිරිමි දරුවන් දහසකට ගැහැණු දරුවන් 976 ක් වාර්තා වී ඇති නමුත් 2011 වසර වන විට ගැහැණු දරුවන් ගණන 914 දක්වා පහළ බැස ඇති බව පෙන්නුම් කරයි.

Image copyright Coutesy Ganesh Rakh

2007 වර්ෂයේ පූනේ නගරයේ සිය රෝහල විවෘත කළ පසු සිය රෝහලට පැමිණෙන ගර්බනී මව්වරු දරුවා ප්‍රසූත කළ පසු නෑදෑ හිත මිතුරන් දරුවා පිරිමි දරුවෙක් වෙතැයි දැඩි බලාපොරොත්තුවෙන් ඇය බැලීමට පැමිණෙන ආකාරය දුටු බවයි වෛද්‍ය ගනේෂ් කියා සිටියේ.

2011 සමීක්ෂණ වාර්තා දුටුවා වෛද්‍ය ගනේෂ් තේරුම් ගත්ත කෙතරම් භයානක තත්වයක්ද ගැහැණු දරුවන් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන්නේ කියලා. ඔහුට ඉන්න එකම දරුවාත් ගැහැණු දරුවෙක්.

‘ගැහැණු දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම’

තමන් ගැබ් ගෙන ඇත්තේ බිලිඳියක් බව දැන ගැනීමෙන් පසු කළල විනාශ කර දැමීම ජන සංහාරයක් ලෙස ක්‍රියාධරයන් විසින් හඳුන්වන අතර එවකට ඉන්දීය අගමැති ‘මන් මෝහන් සිං’ මෙය ජාතියටම කරන ලැජ්ජාවක් වශයෙන් හඳුන්වමින් කියා සිටියේ ඉන්දියාවේ ගැහැණු දරුවන් බේරා ගැනීමට සටන් කළ යුතු බවයි.

2012 ජනවාරි මස තුන් වනදා සිට වෛද්‍ය ගනේෂ් රාක් තමන්ගේ ශක්තියෙන් ගැහැණු දරුවන් බේරා ගැනීමේ සටන ආරම්භ කළා.

මරාති බසින් ඔහු මේ මෙහෙයුම හැඳින්වුණේ ‘මුල්ගී වච්වා අභියාන්’ යනුවෙන්.

Image copyright Courtesy Ganesh Rakh

එහි අරුත ‘ගැහැණු දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම’.

ගැහැණු දරුවන්ගේ ප්‍රසූත වෙනුවෙන් මුදල් ඇය නොකර හිඳීමේ තීරණය ඔහු ගන්නේ සිය සහෝදරයන් සහ දයාබර බිරිඳගේ අදහස් වලටත් විරුද්ධවයි.

අද වන විට වෛද්‍ය ගනේෂ් රාක් ගේ මේ සමාජ මෙහෙවර මැති ඇමතිවරුන්ගේ පමණක් නොව බොලිවුඩ් තරු වලත් ප්‍රශංසාවට ලක් වෙනවා.

බොලිවුඩ් රජු වශයෙන් හැඳින්වෙන ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් වෛද්‍ය රාක් වැ හඳුන්වා ඇත්තේ ඇත්ත ජීවිතයේ වීරයෙක් වශයෙන්.

Image copyright Courtesy Ganesh Rakh

වෛද්‍ය රාක් කියා සිටියේ පසුගිය මාස කිහිපය තුල ඔහු තවත් වෛද්‍යවරු රැසක් සමග සාකච්ඡා කළ අතර බොහෝ වෛද්‍යවරු අඩුම තරමින් එක මාසයකට එක ගැහැණු දරු ප්‍රසූතියක් නොමිලේ කිරීමට එකඟ වූ බවයි.

ඊට අමතරව ගැහැණු දරුවෙකු ඉපදීම පිරිමි දරුවෙකු උපදින තරම්ම වැදගත් සහ වටිනා කරුණක් බව ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීමට පූනේ වීදි වල රැලි සංවිධානය කරන වෛද්‍ය ගනේෂ් රාක් අවසන් වශයෙන් කියා සිටියේ ගැහැණු දරුවෙක් ඉපදුනු විට මිනිසුන් එය සැමරීමට අවශ්‍ය සුභ කරුණක් ලෙස දකින තාක් කල් සිය මෙහෙවර නොනවත්වා කර ගෙන යන බවයි කියා සිටියේ.